Huawei - Tablet PC MatePad 11 නුදුරේදීම ශ්‍රී ලංකාවට | දිනමිණ

Huawei - Tablet PC MatePad 11 නුදුරේදීම ශ්‍රී ලංකාවට

ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා විසඳුම් සැපයුම්කරුවකු වන Huawei විසින් ඔවුන්ගේ නවතම ස්මාර්ට් උපාංගය වන Huawei MatePad 11 ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැරසේ. මේ වන විටත් වෘත්තීය වැඩකටයුතු, ඉගෙනුම් වැඩකටයුතු ඇතුළු ඕනෑම තාක්ෂණික අවශ්‍යතාවක් සඳහා ගැළපෙන උසස් විශේෂාංග රැසකින් සමන්විත පරිගණක රැසක් Huawei විසින් දේශීය වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. වර්තමානයේ බොහෝ දෙනකු ප්‍රිය කරන තාක්ෂණික විශේෂාංග හා ඉහළ කාර්යසාධනයක් එක් කරමින් නිපදවා ඇති Huawei MatePad 11 ටැබ්ලට් පරිගණකය එහි වූ අසමසම විශේෂාංග හේතුවෙන් ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් දිනා ගනු ඇති බව නොඅනුමානයි.

ඩෙක්ස්ටොප් පරිගණකයක අත්දැකීම් වර්ධනය කරමින් ටච් ස්ක්‍රීන් පාලනය සහ වැඩිදියුණු කළ Huawei M-Pencil අන්තර්ගත කරමින් නිෂ්පාදනය කර ඇති Huawei MatePad 11 පරිශීලක කාර්යයන් ඉතා පහසු සහ කාර්යක්ෂම කරනු ඇත. Huawei MatePad 11හි පරිශීලකයාට පහසුවෙන් අල්ලා ගැනීමට පහසු සියුම් දාර, 120Hzක Full View ඩිස්ප්ලේ පරිශීලක නැරඹුම් අත්දැකීම් වඩාත් පැහැදිළි සහ උසස් කරනු ඇත. මෙහි වූ සුවිශේෂි ස්මාර්ට් magnetic keyboard හේතුවෙන් පරිශීලකයාට කිසිඳු බාධාවකින් තොරව වඩාත් කාර්යක්ෂම ලෙස typing සම්බන්ධ ක්‍රියා කළ හැකි අතර, M-Pencil විවිධ ඇඳීම් සහ සටහන් ලබා ගැනීම ආශ්‍රිත කාර්යයන් පහසු කර ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වූ Huawei ශ්‍රී ලංකාහි මෙරට ප්‍රධානි පීටර් ලියු මහතා, "දේශීය පාරිභෝගිකයා වෙත උසස් තාක්ෂණික අත්දැකීමක් දීමේ අරමුණින්, නුදුරේදීම වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර ඇති Huawei MatePad 11, අති විශිෂ්ට විශේෂාංග රැසකින් සමන්විත ටැබ්ලට් පරිගණකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ලොව පුරා පරිශීලකයන්ගේ ඉහළ අවධානයක් දිනා ගත් Huawei MatePad පාරිභෝගික ජීවන තත්ත්වයන් තාක්ෂණය තුළින් සංවර්ධනය කිරීමේ අරමුණ ඇතුව නිපදවා තිබෙන බව කිව හැකියි."

නව අදහස දක්වන්න