vivo ගෝලීය නිෂ්පාදන ජාලය සවිබල ගන්වයි | දිනමිණ

vivo ගෝලීය නිෂ්පාදන ජාලය සවිබල ගන්වයි

vivo සමාගම පාකිස්තානයේ සහ තුර්කියේ නවතම නිෂ්පාදන යටිතල පහසුකම් දෙකක් ස්ථාපිත කළ බව නිවේදනය කරයි. අන්තර්ජාතික වෙළෙඳපොළෙහි vivoහි ස්ථාවර භාවය තහවුරු කරමින් දේශීය වශයෙන් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම අරමුණු කර ගත් ‘More Local, More Global‘ උපාය මාර්ගයට අනුකූලව සමාගම ලොව පුරා සිය පා සටහන් ශක්තිමත් කරමින් සිටී. ඒ් අනුව නව බුද්ධිමත් නිෂ්පාදන යටිතල පහසුකම් ස්ථාපිත කිරීම මඟින් vivoහි සත් වැදෑරුම් පහසුකම් ඔවුන් ලබා දෙමින් ඇත.

එකලස් කිරීමේ මාර්ග අටකින් සමන්විත පාකිස්තානයේ වර්ග මීටර් 16,000ක නිෂ්පාදනාගාරය මඟින් වාර්ෂිකව ස්මාර්ට් ජංගම දුරකතන මිලියන 6ක නිෂ්පාදන ධාරිතාවක් දෙයි. එමෙන් තුර්කියේ වර්ග මීටර් 12,000ක නිෂ්පාදනාගාරය මඟින් වසරකට ඒකක මිලියන 5ක් නිෂ්පාදනය කළ හැකිය. නව යටිතල පහසුකම්හි නිෂ්පාදන ධාරිතාවන් දේශීය වෙළෙඳපොළේ පාරිභෝගික පදනම ආවරණය කිරීමට සමත් වේ. දේශීය වශයෙන් රැකියා 1,500කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරන පාකිස්තානයේ නව නිෂ්පාදන යටිතල පහසුකම් ගොඩනැඟීම සඳහා vivo ඩොලර් මිලියන 10ක් ආයෝජනය කළ අතර, දේශීය රැකියා 2,000 කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරන තුර්කියේ පහසුකම් වෙනුවෙන් ඩොලර් මිලියන 20ක් ආයෝජනය කර ඇත. මේ පහසුකම් දෙකම එම රටවල දේශීය ආර්ථිකය දියුණු කිරීමේදී සහ දේශීය රැකියා සවිබල ගැන්වීමේදී සැලකිය යුතු දායකත්වයක් දෙනු ඇත.

 

නව අදහස දක්වන්න