E M L Consultants Limited කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වෙයි | දිනමිණ

E M L Consultants Limited කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වෙයි

E M L Consultants Limited (EML-N-0000) කොළඹ කොටස් හුවමාරුවෙහි Empower පුවරුවෙහි ගනුදෙනු වීම 27 වැනි දා ඇරඹි මෙහි “2020 - වාණිජ හා වෘත්තීය සේවා” කර්මාන්ත ක්ෂේත්‍රය යටතේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 90,900,000 ක් ලැයිස්තුගත කරනු ලැබීය.

සමාගම Empower පුවරුව සඳහා පිළිගනිමින් හා සුබ පැතුම් එක් කරමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කර සිටියේ, 2021 වර්ෂය කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රාථමික වෙළෙඳපොළ සඳහා ඉතා වැදගත් වර්ෂයක් වන බවත් 30 කට අධික නව ලැයිස්තුගත වීම් සඳහා කොළඹ කොටස් හුවමාරුව පහසුකම් සපයමින් රුපියල් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාග්ධන උත්පාදනයට මාර්ගය විවර කර ඇති බවත්ය. මෙය පසුගිය වසරේ උපයන ලද රුපියල් බිලියන 66ක මුදල අභිභවා යෑමක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

E M L Consultants Limited කළමනාකාර අධ්‍යක්ෂ අවන්ති ජයතිලක මහතා තම සමාගම සනිටුහන් කළ සන්ධිස්ථානය පිළිබඳ අදහස් පළ කරමින් කියා සිටියේ, “ශ්‍රී ලංකාවේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නියෝජනය කරන සමාගමක් ලෙස ඔවුනට ලැයිස්තුගත වීම සඳහා වෙනමම පුවරුවක් හඳුන්වාදීම පිළිබඳ කොළඹ කොටස් හුවමාරුවට හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට අපගේ අගය කිරීම හිමිවිය යුතුයි. ප්‍රාග්ධනය රැස් කර ගැනීමට අපි කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වීම හරහා කොටස් නිකුත් කිරීම තෝරා ගත්තේ, ඒ මඟින් අප ව්‍යාපාරයට ලැබෙන පිළිගැනීම තුළ ජාතික හා අන්තර්ජාතික ආයෝජකයන් එයට ආකර්ෂණය කර ගත හැකි වීම නිසයි. ඒ වාගේම අන්තර්ජාතික තරගකාරීත්වයට අප සූදානම් වූ වහාම තවදුරටත් කොටස් නිකුත් කිරීම හරහා ප්‍රාග්ධනය උත්පාදනයට අප සූදානම්” යනුවෙනි.

නව අදහස දක්වන්න