මහ කන්නෙට මාතලේ ගොවීහු වී වෙනුවට වෙනත් භෝග වගාවට සැරසෙති | දිනමිණ

මහ කන්නෙට මාතලේ ගොවීහු වී වෙනුවට වෙනත් භෝග වගාවට සැරසෙති

පවත්නා රසායනික පොහොර අර්බුදය හේතුවෙන් මාතලේ ගොවි සංවිධාන රැසක් මහ කන්නයේ වී වගාව වෙනුවට පොහොර නොයදවන භෝග වගාවන් කෙරෙහි යොමු වී ඇතැයි ගොවීහු කියා සිටිති. වී වගා කළ කුඹුරු ඉඩම්වල මෙවර බොහෝ ගොවීන් බතල, ඉඟුරු සහ කහ වැනි භෝග වගා කර තිබේ. මේ අතර සුළු පිරිසක් පසුගිය කන්නවල තමන් සතුව ඉතිරි කර ගත් කෘෂි රසායන උපයෝගි කර ගනිමින් වැටකොළු, වම්බටු, බෝංචි වැනි වගාවන් සිදු කර ඇතැයි නාඋල අඹන ගොවි සංවිධානය ප්‍රකාශ කළේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව වැඩිම එළවළු තොග සපයන අඹන ගොවි සංවිධානයට අයත් වගා වපසරිය අක්කර 500කි. ප්‍රධාන කන්න දෙකට අමතරව අතරමැදි කන්නයක ද වගා කටයුතු සිදු කරනු ලබන අඹන ගොවීන් මෙවර මහ කන්නයේදී වී වගාවෙන් ඈත් වී බතල වගාවට බහුල වශයෙන් යොමු වී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අඹන ගොවි සංවිධානයේ ක්‍රියාකාරි සාමාජික වයි.එම්.එස්. බණ්ඩාර මහතා කියා සිටියේය.

නාඋල සමූහ

 

නව අදහස දක්වන්න