තම ප්‍රමුඛත්වය ගොවීන්ට බව ජනපති පවසයි | දිනමිණ

තම ප්‍රමුඛත්වය ගොවීන්ට බව ජනපති පවසයි

උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයට අද (23) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් විය
 
එහිදී අදහස් දැක්වූ ජනපතිතුමා ප්‍රකාශ කර සිටියේ තමා ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට බවත් ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නොකරන බවත්ය
 
පොහොර සැකසුම් මධ්‍යස්ථානයට පැමිණි ජනාධිපතිතුමා කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය නිරීක්ෂණය කළ අතර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට යොදාගන්නා තාක්ෂණික ක්‍රම පිළිබඳ සොයා බැලීය. 
 
අනතුරුව වගා බිම් වෙත පැමිණි ජනාධිපතිතුමා එහි වගා කොට තිබූ එළවළු සහ අනෙකුත් වගාවන් පිළිබඳ නිරීක්ෂණය කළේය.
 
 ගැඩවිල් පණුවන් යොදාගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන මෙම සැකසුම් මධ්‍යස්ථානය මගින් මාසිකව පොහොර ටොන් 12ක් පමණ නිෂ්පාදනය කෙරේ. අක්කර 13ක පමණ වූ පොල් ඉඩමක ගස්ලබු, කෙසෙල්, පැෂන් වැනි පළතුරු ද ගෝවා, බීට්රූට්, බටානා වැනි එළවළු ද කහ වගාවක් සහ ආදර්ශ වී වගාවක් ද කාබනික පොහොර යොදා ගනිමින් සිදු කරයි.
 
උඩුබද්දාව ප්‍රාදේශීය සභාව භූමියේ ඇති කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය ද ජනාධිපතිතුමා නිරීක්ෂණය කළේය.
 
 

නව අදහස දක්වන්න