ගුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මෙහෙයවන අයට අවශ්‍ය රටේ ආර්ථිකය තවත් පහළට දාන්නයි | දිනමිණ

ගුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මෙහෙයවන අයට අවශ්‍ය රටේ ආර්ථිකය තවත් පහළට දාන්නයි

ඇමැති සී.බී. රත්නායක

වැටුප් විසමතාව ඉවත් කරන ලෙස ගුරු වෘත්තීය සමිති කරන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය මෙහෙයවන අයට අවශ්‍ය වි ඇත්තේ රටේ ආර්ථිකය තවත් පහතට දැමීමට බව වනජිවි සහ වන සංරක්ෂණ ඇමැති සි.බි.රත්නායක මහතා පවසයි.

ඒ මහතා මේ බව මහතා පැවසුවේ පෙරේදා (26) අඹගමුව ප්‍රාදේශිය සභාව මගින් ගිනිගත්හේන ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කීපයක් ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

මෙහිදි වැඩිදුරටත් ඇමැති සි.බි. රත්නායක මහතා මෙසේද කීය.

“කුඹුරුවලට බැහැලා බලන්න ගොවින් වගා නොකර ඉන්නවද කියලා. මේක දේශපාලනිකරණය කරගෙන තිබෙන්නේ. විපක්ෂය තමයි ගොවීන් සුළු පිරිසක් ඉස්සරහට දාගෙන මේක මෙහෙයවන්නේ.

ගුරු ගැටලුව අවුරුදු 24 ක් තිස්සේ ඉදිරියට ආපු එකක්. එක රැයකින් මේකට විසඳුමක් දෙන්න බැහැ කියා ඕනෑම අයෙකුට තේරෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක අද රට තිබෙන්නේ අසීරු තැනක.විදේශිකයෝ රටට එන්නේ නැහැ. රජයේ ආදායම් බරපතළ ලෙස අඩු වෙලා. මෙහෙම තියෙද්දී ගුරුවරු ඉල්ලන මුදල එකවර දෙන්නේ කොහොමද?.ස්ටාලින් මොන වෘත්තීය සමිතියේද? මහින්ද ජයසිංහ මොන වෘත්තීය සමිතියේද? මේ වෘත්තීය සමිතිවල ඉන්න අය ගුරුවරුන්ද කියා හොයලා බලන්න. පාසල් දරුවන්ගේ මව්පියන් මේ සම්බන්ධයෙන් අද හෝ හෙට උසාවි යනවා. ගොවීන්ට අවශ්‍ය පොහොර ටික ලබාදිම වගකිමකින් යුතුව මම භාර ගන්නවා.

ඇඟලුම් කර්මාන්ත ශාලා ආරම්භ කරන්න හදද්දි විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට අපිත් එදා කිව්වා යට ඇදුම් මහන්න එනවා කියලා. ඒ වුණාට ඒ තුළින් රැකියා අවස්ථා කියක් උත්පාදනය වුණාද?. චීනය අමෙරිකාවේ කර්මාන්ත ශාලා විසි දහසක් ආරම්භ කර තිබෙනවා. එහෙම කියා අමෙරිකාව ඒවා චීනෙට විකුණලා නැහැ. අපිත් කරන්න යන්නේ ඒකයි. අපි ජාතික සම්පත් විකුණන්නේ නැහැ. ගැසට් ගහන එක බඩු මිල සම්බන්ධයෙන් විතරක් නොවෙයි යුද්ධ කාලෙත් ගැහුවා. ජනතාව ආරක්ෂා කර ගැනිමට තමයි මේක කළේ. අපි ජනතාවට විදේශිය සහල් ගේන්නේ නැහැ කියා ප්‍රතිඥාවක් දුන්නා. ඒක කිව්වා විතරයි වි මෝල් හිමියෝ සහ ගොවින් ඒක ආයුධයක් කර ගත්තා.ඒ නිසාම අපට සහල් ටිකක් ආනයනය කරන්න සිදු වුණා.”

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න