මැතිවරණ ආචාරධර්ම නීතිගත කරන්න මැතිවරණ කොමිසමෙන් කාරක සභාවට යෝජනාවක් | දිනමිණ

මැතිවරණ ආචාරධර්ම නීතිගත කරන්න මැතිවරණ කොමිසමෙන් කාරක සභාවට යෝජනාවක්

මැතිවරණ ආචාරධර්ම කඩ කරන්නන්ගේ නියෝජිත තත්ත්වය හා මන්ත්‍රී ධුරය අහිමි වන අයුරින් කටයුතු කිරීමට හැකියාව ලැබෙන පරිදි එම ආචාර ධර්ම නීතිගත කිරීමට පියවර ගන්නැයි මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු කාරක සභාවට යෝජනා කර තිබේ.

මැතිවරණයක් පවත්වන අවස්ථාවේ ආචාර ධර්ම පද්ධතියක් ඉදිරිපත් කර ගැසට් කළත් ආචාර්ය ධර්ම කඩ කළ විට ගත යුතු ක්‍රියාමාර්ගයක් එහි දැක්වෙන්නේ නැති බැවින් ආචාර ධර්ම නීති ගත කිරීමෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව ලැබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී.පුංචිහේවා මහතා දිනමිණට ඊයේ (27) පැවසීය.

මේ නිසා ආචාර ධර්ම නීතිගත කරන්නට ඉල්ලීමක් කළ බව කී ඒ මහතා, ආචාර ධර්ම කඩ කරන්නන්ට නියෝජිත තත්ත්වය හා මන්ත්‍රී ධූරය අහිමි වීමට බලපාන අයුරින් මෙම නීතිගත කිරීම් සිදු විය යුතු බවත්

පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ගේ හැසිරීම් හේතුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කරන්නට සිදු වූ බවත් හෙතෙම වැඩිදුරටත් කීවෙය.

අනුර ප්‍රේමලාල්

නව අදහස දක්වන්න