INSEE තාක්ෂණික නිලධාරීන්ට ආරක්ෂණ උපකරණ පිරිනමයි | දිනමිණ

INSEE තාක්ෂණික නිලධාරීන්ට ආරක්ෂණ උපකරණ පිරිනමයි

මෙරට ජනතාවට වඩාත් සමීප 'සංස්ථා සිමෙන්ති' වැනි නිෂ්පාදන ගෙන එන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම කොවිඩ් වයිරසයට එරෙහි ජාතික සටනට සහයෝගය දෙමින්, තාක්ෂණික නිලධාරීන්ට අත්‍යවශ්‍ය කොවිඩ් ආරක්ෂණ උපකරණ තොගයක් පරිත්‍යාග කළේය. INSEE සිමෙන්ති සමාගම මේ වන විටත් කොවිඩ් සටනට උර දෙන වැඩසටහන් රාශියක් දියත් කරන අතර, මේ පරිත්‍යාගය එම වැඩසටහන්වලට අමතරව දියත් කළ වැඩසටහනක් ලෙස හැඳින්විය හැකිය.

මේ භාණ්ඩ තොගය අදාළ පාර්ශ්ව වෙත නිල වශයෙන් භාර දීම වෙනුවෙන් INSEE i2i නවෝත්පාදන අවකාශයේ පිහිටි ශ්‍රවණාගාරයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව උත්සවයක් පැවැත්වුණු අතර, එම උත්සවයට මධ්‍යම රජය, පළාත් පාලන ආයතන සහ INSEE සිමෙන්ති ආයතනය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගි වූහ. මේ අවස්ථාවේදී පළාත් පාලන ආයතන වෙත මුඛ ආවරණ 40,000 ක්, දෑත් පිරිසිදු කිරීමේ විෂබීජ නාශක දියර (Hand – Sanitizer) බෝතල් 1,800ක් සහ මුහුණු ආවරණ (face-shields) තොගයක් පිරිනැමුණු අතර, මධ්‍යම රජයේ තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය වෙත මුඛ ආවරණ 15,000ක්, දෑත් පිරිසිදු කිරීමේ විෂබීජ නාශක දියර (Hand – Sanitizer) බෝතල් 250ක් සහ මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කෙරිණි.

INSEE සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවිකරණ සහ නවෝත්පාදන) යාන් කුනිග් මහතා එම අවස්ථාවේදී මෙසේ පැවසීය.

"INSEE සිමෙන්ති සමාගම 'ජීවිතය ගොඩනඟන' කියන තේමාව යටතේ ක්‍රියාත්මක වන ආයතනයක්. එම මූලික සංකල්පයේම කොටසක් විදියට අපි අපගේ ජනතාවට නිරන්තරයෙන් සහයෝගය දක්වනවා. වගකිව යුතු ආයතනික පුරවැසියෙක් විදියට, අපි කොවිඩ් ව්‍යසනයට එරෙහි සටනට සහයෝගය දැක්වීම සඳහා පියවර ගණනාවක් ගෙන තිබෙනවා. එය දැඩි අභියෝගයක් වුණත් අපගේ යුතුකම ඉටු කිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා."

නව අදහස දක්වන්න