දිවිනැඟුම ලිත් නඩුවේ සාක්ෂි විභාගය අද | දිනමිණ

දිවිනැඟුම ලිත් නඩුවේ සාක්ෂි විභාගය අද

දිවිනැඟුම ලිත් මුද්‍රණය කිරීමෙන් රජයේ මුදල් අවභාවිත කළේ යැයි සඳහන් කරමින් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට හා දිවිනැඟුම හිටපු අධ්‍යක්ෂ කිත්සිරි රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුවේ සාක්ෂි විභාගය අද (2) දිනට කල් තැබීමට කොළඹ මහාධිකරණය විනිසුරු නාමල් බලල්ලේ මහතා ඊයේ (1) නියෝග කළේය.

මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ මේ නඩුව විභාග කරන අතර, තොටවත්ත මහතා නිවාඩු බැවින් නඩුව කල් තැබිණි. නඩුවේ පළමු හා දෙවැනි සාක්ෂිකරුවන්ට අද දිනයේ පෙනී සිටින ලෙසටද නියෝග කළේය. ඉකුත් රජය සමයේ මේ නඩුව පවරන ලදි.

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න