සංයුතිය මොකක් වුණත් ගෑස් ටැංකි පුපුරන්නේ නෑ | දිනමිණ

සංයුතිය මොකක් වුණත් ගෑස් ටැංකි පුපුරන්නේ නෑ

රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න

සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා-

ගෑස්වල සංයුතිය කුමන ආකාරයෙන් වෙනස් වුවත් සිලින්ඩරය පිපිරීමට ලක් නොවන බව රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. එහෙත් ගෑස් සංයුතිය වෙනස් වීමට සාපේක්ෂව රේගුයුලේටරය ඇතුළු උපාංගවල ශක්තිය වෙනස් වුණහොත් පිපිරීමට ලක්වන බව එම විශේෂඥයන් සඳහන් කළා.

පාර්ලිමේන්තු ඉතිහාසයේත් මෙවැනි උපදේශක කාරක සභාවක් පැවැත්විලා නැහැ. රටේ පැනනැගී ඇති පොදු ප්‍රශ්නයක් පිළිබඳ පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැය තුන හමාරකට අධික කාලයක් මෙම උපදේශක සභාවේ සභාපති වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළා. මේ සඳහා අදාළ ගෑස් සමාගම්, රාජ්‍ය ආයතන හා පසුගිය දිනවලදී මාධ්‍ය මගින් අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලද පුද්ගලයන් සහ විශේෂඥ දැනුමක් තියෙන අයත් මේ කාරක සභාවට සහභාගි වුණා. විපක්ෂනායකවරයා ඇතුළු මන්ත්‍රීවරුනුත් සහභාගි වෙලා ඒ අයගේ ප්‍රශ්න, ගැටලු, යෝජනා, අදහස් ඉදිරිපත් කළා. ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලබාගෙන ඒ නිර්දේශයන් කියාත්මක කිරීමට රජය කටයුතු කරනවා. ඒ වගේම අද සිට රටට ගෙනඑනු ලබන සියලුම ගෑස් බෑමට පෙර ඒ නැව්වලට ගිහින් රාජ්‍ය ආයතනත් පරික්ෂා කරලා බලලා ගුණාත්මක අතින් තහවුරු වීමෙන් අනතුරුව විශේෂයෙන්ම ඒ ගෑස් රටට ඇතුළු කරගන්න කටයුතු කරන්නේ. මේ වන විට ප්‍රමිති ආයතනය මඟින් සකස්කරමින් පවතින ගෑස් සහ සිලින්ඩර් සම්බන්ධව ප්‍රමිතිය යාවත්කාලීන කරලා. සංශෝධන කරලා කටයුතු කරනවා.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ

සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න