‘Vivya’ සන්නාමය ගෝලීය වෙළෙඳපොළට | දිනමිණ

‘Vivya’ සන්නාමය ගෝලීය වෙළෙඳපොළට

ශ්‍රී ලංකේය උරුමය රැගත් සාම්ප්‍රදායික සහල් සාරයන්ගෙන් නිපදවන ලද සම සුරැකුම් නිෂ්පාදන සඳහා වන Vivya සන්නාමය දකුණු ආසියානු වෙළෙඳපොළ ඇතුළුව ලොව අනෙකුත් රටවල් වෙත සිය නිෂ්පාදන හඳුන්වා දීමට සැරසේ. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන සමාගමක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි විශිෂ්ට නවෝත්පාදනයක් වන Vivya ශ්‍රී ලංකේය වෙළෙඳපොළ තුළ දැඩි කතාබහකට ලක් වූ විශිෂ්ට සම සුරැකුම් නිෂ්පාදන විසඳුමක් වී ඇත. විශේෂයෙන්ම කාන්තාවන් බලාපොරොත්තු වන තාරුණ්‍යයෙන් පිරි දීප්තිමත් සමක් ලබා ගැනීම උදෙසා වූ නිෂ්පාදන පෙළක් Vivya සන්නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වා දුන් අතර, එහි සුවිශේෂි අන්තර්ගතයන් සහ ගුණත්වය හේතුවෙන් ඒ සඳහා ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් නිර්මාණය වී ඇත.

නවතම Vivya නිෂ්පාදන පරාසය තුළ ඩේ ක්‍රීම්, ෆේෂල් සීරම්, ෆේස් වොෂ්, නයිට් ක්‍රීම් සහ ක්ලෙන්සර් ඇතුළත් වන අතර, මේ සියලු නිෂ්පාදන පාරම්පරික සහල්වල පෝෂණීය ගුණයන් සහ සම තෙත් සහිතව දීප්තිමත්ව තබා ගැනීමට අවශ්‍ය මොයිස්චරයිසර් ගුණයන් සමඟින් පැමිණේ.

දැනටමත් Vivya සන්නාමයේ විශිෂ්ට නිෂ්පාදන මාලදිවයින සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාරිභෝගිකයන් රැසකගේ සිත් ආකර්ෂණය කරගෙන ඇති අතර, මෙය ශ්‍රී ලාංකේය නාමය ගෝලීය තලයට රැගෙන යෑමට කදිම අවස්ථාවකි. මේ සුවිශේෂි නවෝත්පාදනය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ඩී මෙල් මහතා මෙලෙස පවසා සිටියි. "නූතන සමාජයේ අවශ්‍යතාවන් සඳහා ගැළපෙන, දේශීය සාම්ප්‍රදායික සහලේ උරුමය රැගත් හේමාස් කන්සියුමර්හි නවතම හඳුන්වා දීම වන Vivya හා අත්වැල් බැඳ ගැනීමට හැකි වීම අපට සතුටක්. මේ හරහා ශ්‍රී ලංකාවට පමණක් උරුම වෙලා තිබූ පාරම්පරික සම සුරැකුම් විසඳුම් සහ රූපලාවණ්‍ය ක්‍රමවේදයන් ගෝලීය වෙළෙඳපොළ වෙත ගෙන යෑමේ හැකියාව අපට ලැබී තිබෙනවා."

මේ පිළිබඳ අදහස් දැක්වූ හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ව්‍යාපාර සංවර්ධන සහ නවෝත්පාදන අධ්‍යක්ෂිකා සබ්රීනා යුසුෆාලි මහත්මිය, "ශ්‍රී ලාංකේය කාන්තාවන් රැසක් බලාපොරොත්තු වන්නේ නිරෝගිමත්, පැහැපත් සහ දීප්තිමත් සමක්. නමුත් මේ සඳහා වෙළෙඳපොළේ පවතින නිෂ්පාදනයන්ගෙන් 90%ක් පමණම සම සුදු කිරීම, එසේත් නැත්නම් සමේ පැහැය වෙනස් කිරීම පිළිබඳ පමණක් අවධානය යොමු කර තිබෙනවා. අපගේ නවෝත්පාදනයක් වන Vivya විශිෂ්ට නිෂ්පාදනයක් වෙන්නේ සම හා සම්බන්ධ ගැටලු හොඳින් හඳුනා ගනිමින් ඒවාට පිළියම් වශයෙන් පුළුල් නිෂ්පාදන පරාසයක් හඳුන්වා දෙයි. "

 

නව අදහස දක්වන්න