මහරගම නගර සභාවේ අයවැයට හෙට වෙන්න යන දේ | දිනමිණ

මහරගම නගර සභාවේ අයවැයට හෙට වෙන්න යන දේ

මහරගම නගර සභාවේ හෙට(08) පැවැත්වෙන අයවැය පරද්දවන බව මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී කාන්ති කොඩිකාර මහත්මිය පැවසුවාය.
 
අද(07) පැවැති පොදුජන පෙරමුණේ මහරගම නාගරික මන්ත්‍රී කණ්ඩායමේ මාධ්‍ය හමුවේ දී ඇය මේ බව කියා සිටියාය.
 
මහරගම නගර සභාවේ සභාපතිවරයාට සහ උප සභාපතිවරයාට විරෝධය පළ කරමින් මෙම තීරණය ගෙන ඇති බවත් ඔහු ඉදිරිපත් කරන අයවැයට විරුද්ධ බවත් කොඩිකාර මහත්මිය සදහන් කළාය. එසේම නගර සභාවේ බොහොමයක් ක්‍රියාවන් අන්ත දූෂිත බවත් නීත්‍යානුකූල නොවන අන්දමින් අවස්ථා තුනකදී සභාවාරයන් පවත්වා ඇති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය. 

නව අදහස දක්වන්න