ඉතාලියේ එන්නත් කාඩ්පත අනිවාර්ය කෙරේ | දිනමිණ

ඉතාලියේ එන්නත් කාඩ්පත අනිවාර්ය කෙරේ

දෛනිකව ඉහළ යන කොවිඩ් ආසාදිතයන් හමුවේ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඉතාලි රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඒ අනුව ඉතාලියේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට එන්නත් සහතිකය අනිවාර්ය වෙයි.
 
එසේ නොමැතිනම් පැය 48කට පෙර ලබාගත් වයිරසය වැළදී නොමැති බවට තහවුරු කළ PCR පරික්ෂණයක් ඉදිරිපත් කළ යුතුයි
 
ඉතාලි පොලිසිය එරට බස්රථ හා දුම්රිය මගීන් සතුව එන්නත් සහතික පත්‍රය තිබේද යන්න පරික්ෂා කරන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා  කර ඇත.
 
සහතික පත්‍රය නොමැති වූවන් හට යුරෝ 400 ක දඩයක් පැනවීමට කටයුතු කළ බව ද සඳහන් වෙයි
 
 
 
 

නව අදහස දක්වන්න