චීන ශීත ඍතු ඔලිම්පික් උළෙල අමෙරිකාව වර්ජනය කරයි | දිනමිණ

චීන ශීත ඍතු ඔලිම්පික් උළෙල අමෙරිකාව වර්ජනය කරයි

චීනයේ බීජිං නුවරදී ලබන වසරේ පැවැත්වීමට සැළසුම් කර ඇති ශීත ඍතු ඔලිම්පික් උළෙල රාජතාන්ත්‍රික ලෙස වර්ජනය කිරීමට අමෙරිකාව තීරණය කර ඇත. 
 
චීනයේ දුර්වල මානව හිමිකම් තත්ත්වය සැලකිල්ලට ලෙන එම තීරණයට එළඹි බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.
 
මේ හේතුවෙන් අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත කණ්ඩායම බීජිං ඔලිම්පික් උළෙලට සහභාගී නොවන බව නිල වශයෙන් දන්වා ඇතැයි සදහන්වේ. 
 
කෙසේ නමුත් ශීත ඍතු ඔලිම්පික් උළෙල සදහා පුහුණුව ලැබූ අමෙරිකානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඊට සහභාගීවීමට ධවල මන්දිරය අවසර ලබා දී ඇතැයි වාර්තා වේ.  
 

නව අදහස දක්වන්න