සමහරුන්ට අශ්ව කුලප්පුව හැදිලා | දිනමිණ

සමහරුන්ට අශ්ව කුලප්පුව හැදිලා

ආණ්ඩුව පෙරළන්න හදනවා

 ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

ජනාධිපතිතුමා අලුත් ගමනක් ආරම්භ කරනවා කියා කිව්වා. දැන් රජය අලුත් ගමනක් යනවා. සමහරුන්ට අශ්ව කුලප්පුව හැදුනට ආණ්ඩු පෙරළන්නවත් හදන්නවත් බෑ යැයි ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය

මහියංගණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ ඊයේ (17) පැවැති උත්සවයක් අමතමික් ඇමැතිවරයා මෙසේ පැවසීය.

ජනාධිපතිතුමාගේ කාබනික පොහොර දීමේ ප්‍රතිපත්තියේ වෙනසක් නෑ. රජයෙන් නොමිලේ කාබනික පොහොර වගාවට ලබා දෙනවා. නමුත් එන කන්නයේ සිට රසායනික පොහොර අවශ්‍ය අයට පෞද්ගලික අංශයෙන් මිළදී ගන්න පුළුවන්. මේ ප්‍රශ්නය එවිට බොහෝ දුරට සමනය වෙනවා යැයිද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

අගමැතිතමො කිව්වේත් පසුගිය අවුරුදු දෙක ගැන විවේචනය කරන අය විවේචනය කරපු දෙන්. අප අද අලුත් ගමනක් යනවා කියායි ඒ නිසා ශ්‍රී ලාංකා නිදහස් පක්ෂය වශයෙන් ඒ ගමන වළක්වන්න කකුලෙන් අදින්න සූදානමක් නැති බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාහ කළේය.

මේ ආණ්ඩුව අප හදාගත්ත ආණ්ඩුවක්. මෙහි උරුමක් කාරයෝ පොහොට්ටුවේ අය පමණක් නොවේ. මේකට අපත් දායක වී තියෙනවා යැයිද ඇමැතිවරයා වැඩි දුරත් පැවසීය.

 මාපාකඩවැව සමුහ - රංජිත් කරුණාවීර

නව අදහස දක්වන්න