රාජාසන කථාව ගැන මැති මත | දිනමිණ

රාජාසන කථාව ගැන මැති මත

ස්වර්ණා විජේකෝන්
නුවන් කොඩිකාර
සන්ධ්‍යා කරුණාරත්න

ජනතාවගේ සුභසිද්ධිය උදෙසා අප කටයුතු කරනවා
- ඇමැති වාසුදේව නානායක්කාර

රටක් විදිහට අප සැවොම එක් විය යුතුයි
- රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර

"සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමක් තමයි අද ජනාධිපතිවරයා විසින් සිදු කළේ. මේ ප්‍රතිපත්ති යථාර්ථයක් ලෙස ක්‍රියාත්මක කිරීමේදී ගැටලු මතු වෙනවා. ඒ ගැටලු විසඳාගෙන අපි ඉදිරියට යා යුතුයි. ආණ්ඩුවක් කරනකොට ප්‍රශ්න තිබෙනවා. ඒවා ක්‍රම ක්‍රමයෙන් විසඳාගෙන ඉදිරියට අපි යනවා. ජනාධිපතිවරයාට අවශ්‍ය සහාය අපි දෙනවා. රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා අපි කටයුතු කරනවා. යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ නව වැනි පාර්ලිමේන්තු දෙවැනි සැසිවාරයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජාසන කතාවේදී අදහස් දක්වමිනි. එහිදී බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතාද මෙසේ පැවසීය.

"යථාර්ථවාදීව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කතා කරයි කියලා අපි හිතුවා. රට මුහුණ දී තිබෙන අර්බුදය එතුමාගේ කතාවෙන් ඉදිරිපත් වෙනවා. ඒවාට විසඳුම් ගත යුත්තේ කෙසේද කියන කාරණාව අප හමුවේ පවතිනවා. ඩොලර් අර්බුදය, අධ්‍යාපනය, බලශක්තිය කියන මේ සියලු කරුණු මේ කතාවේ අන්තර්ගතයි. ඒ අභියෝග එතුමා භාරගෙන තිබෙනවා. ඉදිරි වසර තුන එතුමාටත් රටටත් ලොකු අභියෝගයක් තිබෙනවා. මෙවැනි අවස්ථාවක අපි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ රටක් විදියට කල්පනා කර, කළ යුතු දේ කරමු කියායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්ධයෙන් ගැටලුවක් නෑ. මේවා ක්‍රියාත්මක කිරීමේදී මතු වන ගැටලු විසඳා ගැනීමට අපි සහාය දෙනවා. පක්ෂයක් විදියට අපි සහාය දෙනවා."

නව අදහස දක්වන්න