ජාන කොල්ලයක නිරත වූ රුසියානුවන් තිදෙනාට 8,655,000ක් දඩ | දිනමිණ

ජාන කොල්ලයක නිරත වූ රුසියානුවන් තිදෙනාට 8,655,000ක් දඩ

වනජීවී ඉතිහාසයේ අධිකරණයක් පැන වූ වැඩිම දඩ මුදල හා චෝදනා සහිත නඩු තීන්දුව

ජාන කොල්ලයක නිරතවීමේ චෝදනා පිළිගත් රුසියානු ජාතිකයන් තිදෙනකුට රුපියල් 8,655,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ජී. ජී. පී. ජයසිංහ මහතා ඉකුත්දා (21) නියෝග කළේය.

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගත් විශේෂ සත්ත්ව කාණ්ඩ 23කට අයත් සතුන් 529ක් හා ශාක කොටස් රැසක් මෙරටින් හොර රහසේ රැගෙන යෑමට තැත් කළ නඩුවේ චෝදනා 102කට වරද පිළි ගත් රුසියානු ජාතිකයන් තිදෙනාට මෙසේ දඩ නියම විණි.

මෙලෙස දඩ නියම වුයේ ඉග්නටෙන්කෝ ඇලෙක්සැන්ඩර්, රියාබෝ ආර්ටේම් සහ කිලෆයාන් නිකොලයි නැමැති රුසියානු ජාතිකයන් තිදෙනාටය. චෝදනා 102 සඳහා එක් අයකුට රුපියල් 2,885,000ක් බැඟින් තිදෙනාහට රුපියල් 8,655,000ක දඩ මුදලක් ගෙවීමට නියෝග කෙරිණි.

මස්කෙළිය සමූහ- ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

නව අදහස දක්වන්න