ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ උපාධි හැදෑරීමට ශ්‍රී ලාංකික සිසුන්ටත් වරම් | දිනමිණ

ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ උපාධි හැදෑරීමට ශ්‍රී ලාංකික සිසුන්ටත් වරම්

ලෝකයේ ඉහළම සරසවි අතර ශ්‍රේණිගත වී ඇති ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ උපාධි හැදෑරීමට ශ්‍රී ලාංකික සිසුන්ට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පියවර ගෙන තිබේ. ඒ අනුව මේ වසරේ පෙබරවාරි මාසයේ සිට SLIIT විසින් ශ්‍රී ලංකාවේ සහ කලාපයේ සිසුන්ට ලෝකයේ ඉහළම සරසවි 8 අතර ශ්‍රේණිගත වී ඇති (Go8) විශ්ව විද්‍යාලවලින් එකක් වන ලොව ප්‍රසිද්ධියට පත් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය (UQ) වෙත මාරුවීමට ඉතා දුර්ලභ අවස්ථාවක් සලසා දී ඇත.

UQ සහයෝගීතාව ඇතිව අන්තර්ජාතික මට්ටමේ උපාධි වැඩසටහන් පිරිනැමීමේ දකුණු ආසියාවේ ප්‍රමුඛයා ලෙස SLIIT සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කර තිබෙන අතර මේ සුවිශේෂී වූ අවස්ථාව මගින් ශ්‍රී ලාංකික හෝ වෙනත් සිසුන් සඳහා ප්‍රමුඛ පෙළේ පර්යේෂණ හා ඉගැන්වීම් ආයතනයකින් උපාධියක් ලබාගැනීමට ලාභදායී විකල්ප අවස්ථාවක් සපයා දෙයි.

2022 වසරේ QS ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව රටවල් 134 කින් පැමිණෙන සිසුන් 50,000කට අධික සංඛ්‍යාවක් සිටින UQ ලෝකයේ #47 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර ඇත.

UQ ඔස්ට්‍රේලියාවේ පිහිටි අනෙකුත් විශ්ව විද්‍යාලවලට වඩා ජාතික ඉගැන්වීමේ සම්මාන ද දිනාගෙන තිබෙන අතර සරසවි තුනක සහ ඉගැන්වීමේ මධ්‍යස්ථාන 40 ක එකතුවක් වන UQ එහි 100කට වැඩි පර්යේෂණ මධ්‍යස්ථානවල සහ Siemens, Boeing, Rio Tinto, Pfizer, Baosteel ආදී සහ වෙනත් ගෝලීය පර්යේෂණ හවුල්කරුවන් 400 වැඩි පිරිසක් සමඟ සිසුන්ට පර්යේෂණ අවස්ථා සපයා දෙයි.

ඉහළම ශාස්ත්‍රීය උගතුන් ශ්‍රේණිගත කරන හා ඉහළම උපාධි ප්‍රතිඵල සඳහා කීර්තියක් උසුලන විශ්ව විද්‍යාලයක් ලෙස ඔස්ට්‍රේලියාවේ පිහිටි UQ විශ්ව විද්‍යාලය එරට තුළ වඩාත් පිළිගැනීමට පාත්‍ර වී තිබේ.

මේ පිළිගැනීම UQ සඳහා අන්තර්ජාතික වශයෙන් සිසුන්ගේ ඉහළ ඉල්ලුමට හේතු වී ඇති අතර SLIIT හි දිගුකාලීන කැපවීම සමඟින් ඉහළ සුදුසුකම් ලත් අධ්‍යායන කාර්ය මණ්ඩලය හරහා ඉගැන්වීමේ සහ ඉගෙනීමේ විශිෂ්ටත්වය සමඟ UQ වැඩසටහන් සඳහා ඇතුළත් වන සියලු දෙනාට කුසලතා සහිත දක්ෂ ගුරුවරුන් හා සම්බන්ධ වීමට අවස්ථාව හිමිවේ.

මහින්ද අලුත්ගෙදර

 

නව අදහස දක්වන්න