අජිත් නිවාඩ් කබ්රාල්ට සිතාසි | දිනමිණ

අජිත් නිවාඩ් කබ්රාල්ට සිතාසි

බැඳුම්කර වංචාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබන ජූලි මස 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ඊයේ (23) යළි සිතාසි නිකුත් කළේය.

එසේම හිටපු මහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අධිකරණයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනම එදින තෙක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමට ද අධිකරණය තීරණය කළේය. අමෙරිකානු ඩොලර් මිලියන 500කට අදාළව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයන්ට අදාළ ගෙවීම් ශ්‍රී ලංකා ජන රජය විසින් 2022 ජනවාරි මස 18වන දින ගෙවන ලද පාර්ශ්වයන්ගේ නම් ඇතුළත් ලැයිස්තුව ලබන ජූලි මස 25 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට සහ භාණ්ඩාගාර ලේකම්වරයාට ඊයේ (23) නියෝග නිකුත් කළේය.

බැඳුම්කර වංචාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන අයට එරෙහි නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙලෙස නියෝග නිකුත් විය.

සිරන්ජනි කුමාරි

නව අදහස දක්වන්න