යුක්රේන හමුදා ප්‍රහාරයෙන් ඩොන්බාස් සිවිල් වැසියෝ 10ක් මරුට | දිනමිණ

යුක්රේන හමුදා ප්‍රහාරයෙන් ඩොන්බාස් සිවිල් වැසියෝ 10ක් මරුට

රුසියා මාධ්‍ය වාර්තාවකින් කියයි

ගත වූ සතියක් ඇතුළත යුක්රේන හමුදාව ඩොන්බාස් මහජන සමූහාණ්ඩුවේ සිවිල් වැසියන් 10 දෙනකු ඝාතනය කර ඇතැයි එම කලාපයේ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇතැයි රුසියා පුවත් වාර්තා කළේය. යුක්රේන හමුදා එල්ල කළ ප්‍රහාරවලින් තවත් සිවිල් වැසියන් 44 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.

ඩොන්බාස් මහජන සමූහාණ්ඩුවේ කොමසාරිස් කාර්යාලයේ නිවේදනයට අනුව මැයි මස 13 වැනිදා සිට 19 දක්වා කාලය ඇතුළත එම කලාපයේ හමුදා සෙබළුන් 108 දෙනකු යුක්රේන හමුදා ප්‍රහාරවලින් ඝාතනයට ලක් වී ඇත. තවත් සෙබළුන් 516 දෙනකු තුවාල ලැබූ බවත් එම නිවේදනයේ දැක්වෙයි.

මේ වන විට ඩොන්බාස් මහජන සමූහාණ්ඩුවේ සිවිල් වැසියන් 7,439 දෙනකු යුක්රේන හමුදා ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ඒ අතර දරුවන් 105 දෙනකු සිටින බවත් වාර්තා වේ.

නව අදහස දක්වන්න