පිලිපීනයේ මඟී යාත්‍රාවක් ගිනි ගනී | දිනමිණ

පිලිපීනයේ මඟී යාත්‍රාවක් ගිනි ගනී

7ක් මරුට

පිලිපීනයේ අධිවේගී මගී යාත්‍රාවක් ගිනි ගැනීමෙන් පුද්ගලයන් 7 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ පෙරවරුවේ පොලීලෝ දූපතේ සිට කෝසොන් ප්‍රාන්තයේ රියල් වරාය කරා යාත්‍රා කරමින් තිබූ මගීන් 134 දෙනකුගෙන් සමන්විත මේ යාත්‍රාව ගිනි ගැනීමට ලක්වී ඇත්තේ ගමනාත්තයට ආසන්නව තිබියදීය.

මිය ගිය පිරිස අතර කාන්තාවන් පස්දෙනකු සහ පිරිමින් දෙදෙනකු සිටින බවත්, තවත් පුද්ගලයන් 7 දෙනකු අතුරුදන් වී ඇති බවත් පිලිපීනයේ වෙරළාරක්ෂක බළකාය නිවේදනය කර තිබේ. මීට අමතරව පුද්ගලයන් 23 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

නව අදහස දක්වන්න