යුපුන්ගෙන් නව දකුණු ආසියානු වාර්තාවක් | දිනමිණ

යුපුන්ගෙන් නව දකුණු ආසියානු වාර්තාවක්

ජර්මනියේ පැවති ජාත්‍යන්තර මළල ක‍්‍රීඩා උළෙලක දී තත්ත්පර 10.6 ක දක්ෂතාවයක් දක්වමින් ශ්‍රී ලංකා ධාවන ශූර යුපුන් අබේකෝන් විසින් මීටර 100 වාර්තාව නැවතත් අලුත් කර තිබේ.
 
2021 වසරේ දී ඔහු විසින්ම පිහිටවන ලද තත්ත්පර 10.15ක වාර්තාව මෙසේ අලුත් කෙරුණි.
 
පසුගියදා ඉතාලියේ පැවති තරගාවලියකදී මීටර් 200 ඉසව්වේ නව ශ‍්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමටද යුපුන් සමත් විය.

නව අදහස දක්වන්න