පිරිසුදු කැබිනට්ටුවක් සමඟ අගමැතිකම භාර ගන්නවා | දිනමිණ

පිරිසුදු කැබිනට්ටුවක් සමඟ අගමැතිකම භාර ගන්නවා

විපක්ෂ නායක සජිත්

සමඟි ජන බලවේගයේ පිරිසුදු කැබිනට් මණ්ඩලයක් සමඟ අගමැතිකම භාර ගැනීමට තමන් මේ මොහොතේත් සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පිරිසිදු පාලනයක් ක්‍රියාත්මක කිරීමට මිස පාවාදීම්වලට තමන් සූදානම් නැතැයි ද කී විපක්ෂ නායකවරයා මහ බැංකු හොරු සිටින ආණ්ඩුවකට හොරු ඇල්ලිය හැකි දැයි ප්‍රශ්න කළේය. සිය පක්ෂය මඟින් ඉදිරිපත් කරන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනාවක් මෙන්ම විධායක අගමැතිවරයෙක් බිහි නොකරන යෝජනාවක් යැයි ද එහිදී විපක්ෂ නායකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

රන්මලී සෝමසිරි

නව අදහස දක්වන්න