ස්වාධීන වූ පක්ෂවලින් අලුත් සන්ධානයක් | දිනමිණ

ස්වාධීන වූ පක්ෂවලින් අලුත් සන්ධානයක්

ඇමැති විමල් කියයි

ඉදිරි දේශපාලන අරමුණු ජය ගැනීමේ අරමුණෙන් නව සන්ධානයක් ගොඩ නැඟීමට ආණ්ඩුවෙන් වෙන්ව ස්වාධීන වූ පක්ෂ එකතුව විසින් තීරණය කර තිබේ.

ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ පක්ෂ සහ මන්ත්‍රීවරුන් මේ සඳහා එක් වන බව බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරියේදී එන ‍දේශපාලන අභියෝග ජයගන්න, ඉදිරියේදී පක්ෂ එකමුතුවෙන් නීත්‍යනුකූල සන්ධානයක් පිහිටුවීමට තීරණය කළ බව ද වීරවංශ මහතා කියා සිටියේය.

ආණ්ඩුවක් නැතුව රටක් අරාජික තත්ත්වයට වැටෙනවට වඩා යම් කිසි රාජ්‍ය පාලනයක් මේ රටේ පැවතිය යුතු බවත් එහෙත් තිබෙන පාලනය මඟින් ආර්ථිකය ඇදගෙන යන්න හෝ වෙනත් බාහිර බලවතුන්ගේ මනදොළ සපුරාලන දිශාවකට ගමන් කරන්නේ නම් ඊට කිසිම සහයෝගයක් නොදෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න