නිව් ඇන්තනීස් ෆාම්ස් නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳපොළට | දිනමිණ

නිව් ඇන්තනීස් ෆාම්ස් නිෂ්පාදන අඛණ්ඩව වෙළෙඳපොළට

මෙරට ආර්ථිකයේ මතුව ඇති අභියෝගකාරි තත්ත්වය මෙන්ම සත්ත්ව ආහාර හිඟතාව හමුවේ වුව ද සිය පාරිභෝගිකයන් වෙනුවෙන් අඛණ්ඩව කුකුළු මස් සැපයීමේ හැකියාව පවතින බව මෙරට ප්‍රමුඛතම කුකුළු මස් සන්නාමය වන නිව් ඇන්තනීස් ෆාම්ස් පෞද්ගලික සමාගම අවධාරණය කරයි. රටේ පවතින දැඩි විදේශ විනිමය හිඟතාව හේතුවෙන් උසස් තත්ත්වයේ සත්ත්ව ආහාර සපයා ගැනීමේ දැඩි දුෂ්කරතාවක් මතුව තිබේ. එම පසුබිම තුළ මෙරට මාංශමය ආහාර නිෂ්පාදනය පහෙන් එකකින් අඩු වීමේ අවදානමක් පවතින බව පැවසේ.

“වර්තමාන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන අතරේ, මතු වෙමින් පවතින විවිධ අභියෝග ජය ගැනීම සඳහා ප්‍රධාන පාර්ශ්වරුවන් සමඟ පෙර සූදානමකින් යුතුව කටයුතු කිරීමට අප පියවර ගෙන තිබෙනවා. මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තය යළි නඟා සිටුවීම සඳහා සහයෝගීතාවෙන් වැඩ කළ යුතු කාලයක් එළඹ තිබෙනවා. විශේෂයෙන්ම කර්මාන්ත පරිසරය සහ වටිනාකම් දාමය ශක්තිමත් කළ යුතුයි″, යනුවෙන් නිව් ඇන්තනීස් ෆාම්ස් පෞද්ගලික සමාගමේ සභාපති/සම නිර්මාතෘ එමිල් ස්ටැන්ලි මහතා පැවසීය.

නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම හඳුන්වා දුන් ‘හරිත හරි‘ සංකල්පය යටතේ කුකුළු මස් නිෂ්පාදනය කිරීමට සියයට සියයක්ම ස්වභාවික ක්‍රමවේද භාවිතයට ගැනේ. එනම් ප්‍රතිජීවක හෝ හෝමෝනවලින් තොර පෝෂණයෙන් ඉතා උසස් කුකුළු මස් නිෂ්පාදනය කෙරෙන අතර, සත්ත්ව ආහාර වශයෙන් ද ස්වාභාවික අමුද්‍රව්‍යම දෙයි. එහිදී අනුලංඝනීය ජීව විද්‍යාත්මක පියවර සහ ගොවිපොළ භාවිතාවන් අනුගමනය කෙරෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික චිකන් කවුන්සිලයේ සත්ත්ව සුබසාධන ප්‍රමිතීන්ට අනුකූලවය.

 

 

නව අදහස දක්වන්න