SLT - MOBITEL හඳුන්වා දුන් Adventures of Kimaki ක්‍රීඩාව දැන් නව මුහුණුවරකින් | දිනමිණ

SLT - MOBITEL හඳුන්වා දුන් Adventures of Kimaki ක්‍රීඩාව දැන් නව මුහුණුවරකින්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT - MOBITEL 2020 වසරේදී මුලින්ම හඳුන්වා දුන් Kimaki ජංගම දුරකතන/පරිගණක ක්‍රීඩාවේ දෙවැනි අදියර ඇරැඹීම පසුගිය දා සිදු විය. නව විශේෂාංග රැසක් සමඟින් වැඩි දියුණු කර ඇති මේ ක්‍රීඩාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොමිලේ ඩේටා සහ වටිනා තෑගි දිනා ගැනීමට අවස්ථාව හිමි වේ. මෙය හඳුන්වා දීම සඳහා පැවති විශේෂ උත්සවයට SLT ප්‍රධාන විධායක නිලධාරි ජානක අබේසිංහ ඇතුළු SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයන් සහ ක්‍රීඩාව නිර්මාණය කළ Arimac Lanka (පෞද්.) සමාගමේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක් වූහ.

Adventures of Kimaki ක්‍රීඩාවේ ප්‍රධාන චරිතය, තම පවුලේ සාමාජිකයන් හා හිතමිතුරන් සොයා යන අතර, මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම්වලින් මේ ක්‍රීඩාව සමන්විත වෙයි. සියල්ලන්ට විවෘත ක්‍රීඩාවක් වන Kimaki ක්‍රීඩාවට https://slt.lk/esports/kimaki ඔස්සේ පිවිසිය හැකි අතර, එම ක්‍රීඩාවෙහි යෙදෙන SLT-MOBITEL පාරිභෝගිකයන්ට විශේෂ ඩේටා තෑගි ද හිමි වේ. පසුගිය දා අරඹන ලද නව අදියර, Kimaki ක්‍රීඩාව නවතම තලයකට රැගෙන යන අතර, එය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපූර්වතම අත්දැකීමක් වනු ඇත.

“Arimac Lanka (පෞද්.) සමාගම එක් වී අප Kimaki ක්‍රීඩාව මුලින්ම හඳුන්වා දුන්නේ 2020 වසරේදියි. එය සතුට සමඟ තෑගිත් පිරිනමන අපූරු ක්‍රීඩාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්. නව අදියරේදී මෙයට නව කාන්තා සහ පිරිමි චරිත සමඟින් රොමෑන්තික අත්දැකීම් පෙළකුත් එකතු වෙනවා. ඊට අමතරව මෙහිදී තෑගි හිමි කර ගැනීමට ඇති අවස්ථා වැඩි කිරීමටත් අප පියවර ගත්තා.” SLT ප්‍රධාන අලෙවි නිලධාරි ප්‍රභාත් දහනායක මහතා පැවසීය.

 

නව අදහස දක්වන්න