The International School of Wes tern Aus tralia ශිෂ්‍යත්ව රැසක් පිරිනමයි | දිනමිණ

The International School of Wes tern Aus tralia ශිෂ්‍යත්ව රැසක් පිරිනමයි

Western Australian Certificate of Education (WACE) අධ්‍යාපන ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ පළමු වරට ස්ථාපනය කළ The International School of Western Australia (ISWA) නවක සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් අරඹයි. ඒ අනුව පළමු කණ්ඩායමට පළමුව පැමිණෙන සිසු සිසුවියන්ට 50%කින් සම්පූර්ණ පාඨමාලා ගාස්තුව අඩු කරන ශිෂ්‍යත්වයක් පිරිනමයි. The International School of Western Australia වෙත ඇතුළු වන සිසුන්ට අතිරේක පන්ති (Tution Classes) සඳහා අමතර වියදමක් දැරීමට සිදු නොවේ. WACE යටතේ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන සිසුන්ට ලොව පුරා බොහෝ විශ්වවිද්‍යාලවලින් සමස්ත පාඨමාලා ගාස්තුවෙන් 25%ක අඩු කිරීමක් සහිත ශිෂ්‍යත්ව ගත හැකිය.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ගැනීමට ද මේ WACE අධ්‍යාපන ක්‍රමවේදය සුවිශාල පිටිවහලක් වන අතර, IIHS ආයතනයට අනුබද්ධ International School of Western Australia (ISWA) මෙරට ප්‍රථම වරට එම ක්‍රමවේදය හඳුන්වා දුන්නේය. තත්ත්වයෙන්, ගුණාත්මකභාවයෙන් හා ප්‍රමිතියෙන් ඉහළ WACE ක්‍රමවේදය යටතේ සිය උසස් අධ්‍යාපන සිහින ජය ගැනීමට ශ්‍රී ලාංකීය සිසු පරපුරට උදා වන මහඟු අවස්ථාවක් ලෙස මේ ශිෂ්‍යත්ව වැඩසටහන හඳුන්වා දිය හැකිය. වත්මන් ආර්ථික අර්බුද සමයේ සිය දරුවන්ට අන්තර්ජාතික මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමට වෙහෙසෙන මව්පියන්ට ද මෙය සුවිශාල සහනයක් වනු නිසැකය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ දශක දෙකකට අධික අත්දැකීම් සහ කීර්තිමත් ඉතිහාසයක් සහිත IIHS ආයතනය ඇරඹූ ISWA වෙත සිය දරුවන් යොමු කිරීමෙන් සාධාරණ මූල්‍ය ක්‍රමවේදයක් යටතේ මේ ශිෂ්‍යත්වවල වාසිය ද ලබා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම මේ මොහොතේ මව්පියන්ට ගත හැකි වටිනා තීරණයක් බව IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය. එසේම මේ හරහා ලොව ඕනෑම රටක ඉහළ පිළිගැනීමක් සහ ඉහළ වැටුප් සහිත වෘත්තීය අවස්ථා රැසක් උදා කර ගත හැකි බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

 

 


නව අදහස දක්වන්න