සිංහ ධේනුවකගේ රුව සහිත කුඩු පැකට් 2000ක් බොරලැස්ගමුවෙන් අල්ලයි | දිනමිණ

සිංහ ධේනුවකගේ රුව සහිත කුඩු පැකට් 2000ක් බොරලැස්ගමුවෙන් අල්ලයි

ඩුබායි සිට 'බඩෝවිට අසංක' ජාවාරම මෙහෙයවලා

හොරෙයින් මත්කුඩු පැකට් 2000ක් සමඟ කාන්තාවක් බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතාට ලද තොරතුරක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත. ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බඩෝවිට අසංක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට මෙම සැකකාරිය සම්බන්ධ බවට ප්‍රශ්න කිරීමේදී කිරීමේදී අනාවරණය වූ බව පොලීසිය කියයි.

‘අවදානම්‘ යනුවෙන් සටහන්ව තිබෙන සිංහ ධේනුවගේ ඡායාරූපයක් සහිත කුඩා ලේබල් මත්කුඩු පැකට් කිරීම සඳහා යොදාගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේය. බඩෝවිට අසංක නමැත්තාගේ උපදෙස් මත කිසියම් පුද්ගලයකු මෙම කාන්තාවට මත්කුඩු පැකට් තොගය ලබාදී ඇති බව ද පොලීසිය කියයි. සැකකාරිය ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි තැනැත්තියකි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශාමන්ත විජේසේකර, සහකාර අධ්‍යක්ෂක (1) සහකාර පොලිස් අධිකාරී තරංග සේමසිංහ මහත්වරුගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් ජයසේකර, පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කළහ.

බන්ඩාරගම - බිමල් ජයසිංහ

නව අදහස දක්වන්න