දකුණු ඉන්දියාවේ සිට කන්කසන්තුරේ වරායට බඩු ගෙනෙන වැඩපිළිවෙළක් | දිනමිණ

දකුණු ඉන්දියාවේ සිට කන්කසන්තුරේ වරායට බඩු ගෙනෙන වැඩපිළිවෙළක්

බුද්ධිකා ඉඹුලාන

ඉන්ධන, ඖෂධ, කිරිපිටි, පොහොර ඒ අතර

දකුණු ඉන්දියාවේ පොන්ඩිච්චේරි හා කාරෙක්කාල් වරායවල සිට කන්කසන්තුරේ වරායට අවශ්‍ය භාණ්ඩ ගෙන ඒම සඳහා පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරයි. මේ සඳහා වූ යෝජනාව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විසින් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත. ඒ අනුව භූමිතෙල්, ඩීසල් වැනි ඉන්ධන හා ඖෂධ, කිරිපිටි, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ඉන්දියාවේ සිට කන්කසන්තුරේ වරායට ගෙනැවිත් සාධාරණ මිලට ජනතාව අතර බෙදාදීමට මෙමගින් අපේක්ෂා කෙරේ.

මෙහි පළමු අදියර යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ උතුරු නැඟෙනහිරට ගෙන ඒමටත්, දෙවන අදියර යටතේ මගී නැව් සේවාවක් ආරම්භ කිරීමටද නියමිතය.

මේ කටයුතු පිළිබඳ අධ්‍යයනය කර අවශ්‍ය පහසුකම් සැලසීමට වරාය හා නාවික කටයුතු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ඇමැති දේවානන්දා මහතා පසුගියදා කන්කසන්තුරේ වරායේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූහ.

 

නව අදහස දක්වන්න