විදෙස්ගත ශ්‍රමිකයන් එවන ඩොලර් ගාන මෙන් පස් ගුණයක පොලී රහිත ණයක් | දිනමිණ

විදෙස්ගත ශ්‍රමිකයන් එවන ඩොලර් ගාන මෙන් පස් ගුණයක පොලී රහිත ණයක්

අනුර ප්‍රේමලාල්

විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් මෙරට ඕනෑම වාණිජ බැංකුවක් වෙත එවන විදේශ සම්ප්‍රේෂණ තුළින් විශේෂ ණය මුදලක් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සැකසේ.

ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති අාචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව විදේශයන්හි සේවා නියුක්ති ශ්‍රී ලාංකිකයන් මෙරට ඕනෑම වාණිජ බැංකුවක ඇති අනේවාසික ගිණුමක් වෙත මසකට එවන ලද මුදල මෙන් පස් ගුණයක පොලී රහිත ණය මුදලක් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.

මේ ණය යෝජනා ක්‍රමය කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පෙරේදා (23) ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා මෙරට සියලු වාණිජ බැංකුවල එකඟතාව ද පළ විය.

මේ අවස්ථාවට විදේශ සේවා හා කම්කරු ඇමැති මනූෂ නානායක්කාර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ යන මහත්වරු හා මෙරට සියලු වාණිජ බැංකුවල නියෝජිතයෝ පිරිසක් ද සහභාගි වූහ.

නව අදහස දක්වන්න