ඉන්ධන නැවක් එන දිනයක් කිව නොහැකියි – පෝලිම්වල ඉන්න එපා | දිනමිණ

ඉන්ධන නැවක් එන දිනයක් කිව නොහැකියි – පෝලිම්වල ඉන්න එපා

බැංකු කටයුතු සහ සැපයුම් කටයුතු වලදී උද්ගතව ඇති හේතුන් මත මෙරටට පැමිණීමට නියමිතව තිබු ඉන්ධන සහ බොර තෙල් රැගත් නෞකාවන් හි පැමිණීමේ නිශ්චිත දිනයන් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කරයි.
 
මින් පෙර අදාළ සැපයුම්කරුවන් විසින් ඩීසල්, පෙට්ට්‍රල් සහ බොර තෙල් සැපයුම් මෙම සතිය තුලදී ලබා දෙන බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත දැනුම් දී තිබුණි. 
 
මීළඟ ඉන්ධන නැව් මෙරට වරායන් වෙත පැමිණෙන තෙක් සහ ඉන් පසුව අදාළ ගොඩබෑම් කටයුතු අවසන් වන තෙක් පොදු ප්‍රවාහනය, විදුලිබල උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්‍රමුඛත්වය දෙනු ලබන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.
 
පවතින සීමිත ඩීසල් සහ පෙට්‍රල් තොග ලබන සතිය පුරාවට සීමිත ස්ථාන වෙත බෙදා හරිනබවත්  ඉන්ධන සඳහා පෝලිම් ගැසීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කාංචන විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
 
එමෙන්ම මීළඟ බොරතෙල් නැව්ගත කිරීම තෙක් පිරිපහදු මෙහෙයුම් තාවකාලිකව වසා දමන බවද ඔහු දන්වා සිටියි.

නව අදහස දක්වන්න