අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් ආනයනය කිරීමට අවසර | දිනමිණ

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක් ආනයනය කිරීමට අවසර

විවෘත ගිණුම් හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ 10ක් ආනයනය කිරීමට අවසර ලබාදී තිබෙන  බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව හාල් ,පාන් පිටි, සුදු සීනි, රතු පරිප්පු, කිරිපිටි, ලොකුළුෑණු, අල, වියළි මිරිස්, වියළි හාල්මැස්සන් සහ වටානා පරිප්පු යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සීමා සහිත ප‍්‍රමාණයන්ගෙන් විවෘත ගිණුම් ක‍්‍රමය යටතේ ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
 
ලබන 01 වැනිදා සිට ඉදිරි මාස දෙකක කාල සීමාවක් සඳහා මෙසේ අවසර ලබා දී ඇත. අමාත්‍ය නලීන් ප‍්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබේ.

නව අදහස දක්වන්න