ඉන්දියාවෙන් නව ආරක සංගීත ශෛලියක් | දිනමිණ

ඉන්දියාවෙන් නව ආරක සංගීත ශෛලියක්

ඉන්දියාවේ කාෂ්මීරයේ සුප්‍රකට ‘කෙහ්වා‘ තේ නාමය භාවිත කරමින් එම ප්‍රාන්තයේ සාම්ප්‍රදායික ග්‍රාමිය ගායන ශෛලිය කෙහ්වා බීට්ස් නමින් සංගීතලෝලීන්ට අතරට රැගෙන යෑමට කටයුතු යොදා තිබේ කාශ්මීරය පදනම් වූ ස්වාධීන පළමු සංගීත වැඩසටහන ලෙස කෙහ්වා බීට්ස් මේ වන විට සතිපතා ඉන්දියාවේ රූපාවාහිනී ප්‍රේක්ෂකයන්ට නව අත්දැකීමක් ගෙන දෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

කෙහ්වා බීට්ස් ආරම්භ වී ඇත්තේ කාශ්මීර ප්‍රාන්තයේ සිටි විශිෂ්ට සාහිත්‍යකරුවන්ගේ සහ නිර්මාණ ශිල්පීන්ගේ කවි සමකාලීන සංගීතයට මුසු කරමින් එය සංරක්ෂණය කිරීමේ අරමුණ ඇතිවය.

එම සාම්ප්‍රදායික ගීත නවීකරණය කිරීමට එම ප්‍රාන්තයේහිම සංගීතඥයන් සහ පසුබිම් ගායක ගායිකාවන් පිරිසක් යොදා ගෙන ඇති අතර, සියවස් ගණනාවකට පෙර කාශ්මීරය පාලනය කළ රජවරුන්ගේ යුගයේදී ලියැවුණු බව කියන බොහෝ කවි නිර්මාණ නව පරපුර උදෙසා සංරක්ෂණය කිරීමටද කාශ්මීර් ප්‍රාන්ත රජය අවධානය යොමු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

නව අදහස දක්වන්න