උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් | දිනමිණ

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක්

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ආර්ථිකය අමෙරිකා ඩොලර් ට්‍රිලියනය දක්වා රැගෙන යෑමේ ඉලක්කගත වැඩසටහන් ක්‍රියාත්මක කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එම ඉලක්කය සපුරා ගැනීමේ පියවරක් ලෙස ප්‍රාන්ත රජයේ යටිතල පහසුකම් සහ කාර්මික සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මධ්‍යම රජය අතර විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර, එහිදී ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් කෙරෙහි අවධානය යොමු වී තිබේ.

ඉදිරි පහ වසර ඇතුළත ප්‍රාන්තයේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියනය දක්වා ඉහළ නැංවීමට මාර්ග සිතියමක් සකස් කිරීමට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජය ජපාන උපදේශකයකු සමඟ මේ වන විට ගිවිසුම් අස්සන් කර තිබේ. වසර 2023දී ගෝලීය ආර්ථික සමුළුව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිත, සංචාරක ව්‍යාපාරයේ කැපී පෙනෙන වර්ධනයක් මෙමගින් සිදු කරගැනීම උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජයේ අපේක්ෂාව වී තිබේ.

 

නව අදහස දක්වන්න