එරෝෆ්ලොට් ලබන 09වැනිදා සිට යළිත් ශ්‍රී ලංකාව‌ට එයි | දිනමිණ

එරෝෆ්ලොට් ලබන 09වැනිදා සිට යළිත් ශ්‍රී ලංකාව‌ට එයි

රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවය ලබන 09දා සිට ලංකාවට යළිත් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.
 
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසා ඇත්තේ ලබන මාසයේ සිට යළිත් කොළඹ, බැංකොක් හා ගෝආ වලට සිය මෙහෙයුම් යළිත් අරඹන බවයි.
 
කොළඹට ගමන්කරන ගුවන්ගමන් 09වැනිදා සිට මූලික වශයෙන් සතියකට දෙවරක් ක්‍රියාත්මක වන බවද එම නිවේදනයේ  දැක්වේ.
 
රුසියානු ඵරෝෆ්ලොට් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙණ වාණිජ ගුවන් ගමන් අත්හිටුවනු ලැබුවේ ඵම ගුවන් සේවයට අයත් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් ජූනි මස 02වනදා නිකුත් කළ  වාරණ නියෝගය හේතුවෙනි.

නව අදහස දක්වන්න