BOC සෙවණපිටිය ශාඛාව නව නිවහනකට | දිනමිණ

BOC සෙවණපිටිය ශාඛාව නව නිවහනකට

වඩාත් පහසු නම්‍යශීලි හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණින් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසුවූ ලංකා බැංකුවේ සෙවණපිටිය ශාඛාව ATM පහසුකම්ද සමඟින් නව ගොඩනැඟිල්ලක ප්‍රතිස්ථාපනය කිරීම පසුගියදා සිදු කෙරිණි. මේ වෙනුවෙන් සංවිධාන කෙරුණු උත්සවයට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමානාකරු (ශාඛා මෙහෙයුම් හා සංවර්ධන බැංකු කටයුතු) ප්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා ණය මෙහෙයුම්-කලාප I) එස්. සිවන්ජන්, නියෝජ්‍ය මහා කළමනාකරු (නිමැවුම් හා බැංකු සංවර්ධන) කේ.ඒ. අජිත් කරුණාරත්න, සහකාර මහා කළමනාකරු (අලෙවි) අරුණ හෙට්ටිආරච්චි සහ සහකාර මහා කළමනාකරු (උතුරුමැද පළාත) මහින්ද බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු සෙවණපිටිය ශාඛාවේ කාර්යමණ්ඩල සාමාජික සමාජිකාවෝ සහභාගි වූහ.

සෙවණපිටිය ප්‍රදේශය ආශ්‍රිතව සහයෝගිතාවයෙන් ජීවත්වන සිංහල, දෙමළ හා මුස්ලිම් ප්‍රජාව සාමාජීය හා ආර්ථික වශයෙන් බලගැන්වීම සඳහා මූල්‍ය පහසුකම් සමඟින් ප්‍රධාන බැංකු සේවා රැසක් දීම ප්‍රතිස්ථාපිත BOC ශාඛාවේ අරමුණයි. එමෙන්ම ඩිජිටල්කරණය වූ බැංකු පහසුකම් ඇතුළු සුවිශේෂි පහසුකම් රාශිකයක් ලබා ගැනීමේ හැකියාව මෙහිදී ලංකා බැංකුව මඟින් තම ගනුදෙනුකරුවන්ට උදා කර දී ඇත. රටපුරා පිහිටා ඇති 648ක් වූ ලංකා බැංකු ශාඛා ජාලය සමඟ සම්බන්ධ වී ඇති නිසා ගනුදෙනුකරුවන්ට සෙවණපිටිය ශාඛාව හරහා රටේ ඕනෑම ප්‍රදේශයක බැංකු ගනුදෙනු කිරීමේ වරප්‍රසාදය හිමි වේ. ඉතිරි කිරීමේ ගිණුම්, ස්ථාවර තැනපතු ගිණුම්, ආයෝජන සැලසුම්, නිවාස හා පෞද්ගලික ණය, අධ්‍යපන ණය, කල්බදු, උකස් සේවා වැනි මූල්‍ය පහසුකම් රැසක් මෙන්ම සුවිශේෂි ණය පහසුකම්ද මේ ශාඛාව මඟින් ලබා ගත හැකිවීම විශේෂිතය.

 

නව අදහස දක්වන්න