කෝපා සභාපති කබීර් හෂීම්ට | දිනමිණ

කෝපා සභාපති කබීර් හෂීම්ට

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිධූරය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා නම්කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද(05) පාර්ලිමේන්තුවේදී පැවසීය. 
 
ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟත්වය පළ වූ බව ද ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය. 
 
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව අද (05) පළමු වරට රැස්වීමට නියමිතය. එහි සභාපතිවරය ලෙස මීට පෙර කටයුතු කළේ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයාය.
 

නව අදහස දක්වන්න