පෙම්වතියගේ නිරුවත් වීඩියෝවක් පෙම්වතා මිතුරන් අතේ යවලා | දිනමිණ

පෙම්වතියගේ නිරුවත් වීඩියෝවක් පෙම්වතා මිතුරන් අතේ යවලා

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නැගෙනහිර පළාත් ඒකකය මඟින් 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ නිරුවත් වීඩියෝවක් සමාජ මාධ්‍යයට දැමූ තරුණයින් තිදෙනෙකු ඉකුත් (03) වෙනිදා අත්අඩංගුවටගෙන ඇත.මොනරාගල පොලිස් වසමට අයත් බණ්ඩාරවාඩිය,පට්ටියලන්ද සහ මාගන්දනමුල්ල යන ප්‍රදේශ වල පදිංචි පිළිවෙලින් අවුරුදු 20,21 සහ 23 යන වියෙහි පසුවන තරුණයින් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවටගෙන ඇත.

9පාසල් ශිෂ්‍යාවකගේ පෙම්වතා ඇයගේ නිරුවත් වීඩියෝවක් ලබාදගෙන සිය මිතුරන්ට ලබාදී මෙලෙස සමාජ මාධ්‍ය ජාලයට මුදාහැර ඇත.සැකකරුවන් මොනරාගල පොලීසියට භාරදීමෙන් අනතුරුව මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.මොනරාගල වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ජානක රත්නසිරි මහතා පරීක්ෂණ පවත්වයි.

ඩී. එස්. ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ

නව අදහස දක්වන්න