ලයිසන් නැතුව ඇද්ද පස් රාජසන්තකයි | දිනමිණ

ලයිසන් නැතුව ඇද්ද පස් රාජසන්තකයි

බඩල්ගම පොලිස් වසමේ දී බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් ලොරි රථයකින් පස් ප්‍රවාහනය කළ රියදුරකුට රුපියල් 10,000ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය. නඩු භාණ්ඩ ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු පස් රාජසන්තක සන්තක කෙරුණු අතර ලොරි රථය හිමිකරුට මුදා හැරුණි. මීරිගම, ඉහළ මඩම්පැල්ල ප්‍රදේශයේ පදිංචි දිලාන් ප්‍රසන්න රාජපක්ෂ නමැති ලොරි රථ රියදුරුට මෙසේ දඩ නියම කෙරුණි. කොටදෙනියාව පොලිසියේ උප. පො. ප. කාර්තීපන් නිලධාරියා ඇතුළු පිරිසක් ගොඩිගමුව ප්‍රදේශයේ දී ලොරි රථය සහ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබු බවට අධිකරණයේ දී සඳහන් විය.

ටෝනි කරුණානායක ගම්පහ සමූහ

නව අදහස දක්වන්න