සනත් නිශාන්තට සිතාසි | දිනමිණ

සනත් නිශාන්තට සිතාසි

අභියාචනාධිකරණය විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අද (05) සිතාසි නිකුත් කර තිබෙයි
 
ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්  ඉකුත් ඔක්තෝබර් මස 13 වනදා පෙනීසිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වමිනි. 
 
ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය කර ඇත
 

නව අදහස දක්වන්න