22 සංශෝධනය තවත් 20ක් වෙන්න ඉඩ දෙන්න බැහැ | දිනමිණ

22 සංශෝධනය තවත් 20ක් වෙන්න ඉඩ දෙන්න බැහැ

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය තවත් 20ක් වීමට ඉඩ දිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය.

විධායක ජනාධිපතිවරයාගේ බලය අඩු කර වඩා ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමවේදයක් යටතේ සංශෝධන ගෙන එන්නේ නම් ඒ පිළිබඳ විපක්ෂයේ පක්ෂ සියල්ලත් සමඟ එක්ව සාකච්ඡා කර ධනාත්මක තැනකට ඒමට සූදානම් බව විපක්ෂ නායකවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

අවලංගු කර ඇති ද්විත්ව පුරවැසි භාවය යළි ගෙන එන්නේද, වසර දෙක හමාරකින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තිබෙන අයිතිය හතර හමාර කරන්නේද යන්න පිළිබඳ අගමැතිවරයාගෙන් පිළිතුරු අපේක්ෂා කළද එතුමන් ඊට සාධනීය පිළිතුරු නොදුන් බවද හෙතෙම කීවේය.

22 වැනි ව්‍යස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපතිවරයාගේ සාධනීය බලතල කප්පාදුවක් සිදුවන්නේද නැද්ද යන්න පිළිබඳද නිසි පිළිතුරක් දීමට අපොහොසත් වීම නිසා ඊට සහාය නොදීමට අකමැත්තෙන් වුවද තීරණය කිරීමට වුණ බව විපක්ෂ නායකවරයා පැවසීය.

රට මුළා කරන, රට අන්දවන ප්‍රෝඩාවක් වෙන්න බැහැ. සත්‍ය වෙන්න ඕන. ඇත්ත වෙන්න ඕන. අප සූදානම් විපක්ෂයේ සියලුදෙනත් එක්කම එකතු වෙලා සාකච්ඡා කරන්න. හොඳ ධනාත්මක තැනට එකතු වෙමු. මුලින් මන්ත්‍රී කණ්ඩායම හදා ගන්න් යැයි අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා කියා සිටියේය.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න