රත්තොට නිවසක බිතිතියක් කඩා වැටී අසූ වියැති කත මරුට | දිනමිණ

රත්තොට නිවසක බිතිතියක් කඩා වැටී අසූ වියැති කත මරුට

 

පසුගිය දින කිහිපයේ මාතලේ ප්‍රදේශයට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් පෙරේදා (5) රත්තොට ෆවුසි මාවත නිවසක බිත්තියක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි වයස අවුරුදු (82) අවිවාහක කාන්තාවක් මරණයට පත්ව තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි රත්තොට පොලිසිය පැවසීය.

එදින රාත්‍රි 11ට පමණ මෙම අනතුර සිදු ඇති අතර කඩා වැටුණු බිත්තිය තිබුණු කාමරය තුළ අනතුරට පත්වූවන් නිදාගෙන සිට ඇත.

වර්ෂාවත් සමඟ ඒකවරම බිත්ති කඩා වැටී වහලයද නිදාගෙන සිටි පිරිගේ ඇඟ මතට කඩා වැටී මෙන් ඒක් අයකු මරණයට පත්ව තිදෙනකු තුවාල ලබා තිබිණි. එසේ මරණයට පත්ව ඇත්තේ රත්තොට ෆවුසි මාවත් පදිංචිව සිටි පෙරියසාමී කමලම්මාල් නැමති වයස අවුරුදු (82) පමණ වූ කාන්තාවකි.

අනතුරට පත් වූ තිදෙනා සුළු තුවාල ලබා රත්තාට රෝහලෙන් ප්‍රතිකාර ගෙන තිබේ. අදාළ සිද්ධියෙන් අපදාවට ලක් වූවන් ඥාති නිවසක රඳවා, අවශ්‍ය පහසුකම් දීමට පියවර ගත් බව මාතලේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානි සහකාර අද්‍යක්ෂ චමින්ද අමරවීර මහතා පැවසීය. මාතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 සිරි අබයසිරි - මාතලේ මධ්‍යම සමුහ

නව අදහස දක්වන්න