SLT-MOBITEL සිම්පත් යළි සක්‍රීය කරන පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ | දිනමිණ

SLT-MOBITEL සිම්පත් යළි සක්‍රීය කරන පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ

මාස 3ක් පුරාවට ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ 30GB Anytime Data

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL Mobile තම සිම් පත් යළි සක්‍රීය කර ගනිමින් SLT-MOBITEL ජාලය සමඟ නැවත එක් වන පාරිභෝගිකයන් සඳහා ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් පිරිනැමීමට තීරණය කර තිබේ. ඒ අනුව එම පාරිභෝගිකයන්ට මාස 3ක කාලයක් සඳහා ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් හිමි වන අතර, මසකට 10GB බැගින් මාස 3ක් සඳහා 30GB Anytime Data හිමි වේ.

SLT-MOBITEL Mobile මේ වන විට පාරිභෝගිකයන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට දුරකතන සහ අන්තර්ජාල පැකේජ රාශියක් හඳුන්වාදී තබේ. රාජකාරි කටයුතු, අධ්‍යපන කටයුතු, ක්‍රීඩා, සමාජ මාධ්‍ය භාවිතය සහ TIKTOK හා Instagram සඳහා විශේෂ සැලසුම් ආදිය මීට ඇතුළත් වී ඇති අතර, තමන්ට කැමති සැලසුමක් තෝරා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමි වේ.

SLT-MOBITEL ජාලයට නැවත සම්බන්ධ වීමට කැමති පාරිභෝගිකයන්ට, 1717 අංකය ඇමතීමෙන් හෝ රට පුරා විසිරුණු SLT-MOBITEL ශාඛා අතරින් තමන් කැමති ශාඛාවක් වෙත පැමිණීමෙන් තම සිම් පත නැවත සක්‍රීය කර ගත හැක.

පුළුල් ආවරණයක් සමඟ විශිෂ්ටතම සේවාවක් දීම සඳහා තමන් භාවිත කරන තාක්ෂණයන් නිරන්තරයෙන් වැඩි දියුණු කිරීමට SLT-MOBITEL කටයුතු කරයි. එමෙන්ම ජාත්‍යන්තර වශයෙන් අන්තර්ජාල වේගයන් පරීක්ෂාවට ලක්ක කරන ප්‍රමුඛතම ආයතනයක් සහ පරීක්ෂණ යෙදුමක් වන Ookla විසින් අඛණ්ඩව වසර තුනක් SLT-MOBITEL Mobile මෙරට වේගවත්ම ජංගම දුරකතන ජලය ලෙස නම් කර ඇත. SLT-MOBITEL නිල වෙබ් අඩවිය වන www.sltmobitel.lk වෙත පිවිසීමෙන් හෝ SLT-MOBITEL නිල සමාජ මාධ්‍ය පිටු වෙත පිවිසීමෙන් මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු ගත හැක.

 

නව අදහස දක්වන්න