නාගානන්ද අධ්‍යාපන ආයතනයෙන් ඉදිරි පියවර රැසක් | දිනමිණ

නාගානන්ද අධ්‍යාපන ආයතනයෙන් ඉදිරි පියවර රැසක්

විනය,විදෙස් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය හුවමාරු වැඩසටහන්,රජයේ ණය පහසුකම්, දෙස් විදෙස් ප්‍රමිතිය,රජයේ නියාමනය ඇතුළු පහසුකම් හා පළපුරුදු ආචාර්ය මණ්ඬලයක් සමඟ කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යාන්තර බෞද්ධ අධ්‍යාපනය ආයතනය තවත් පියවර රැසක් ඉදිරියට ගෙන යමින් සිටියි.

මේ සම්බන්ධයෙන් ඉකුත් (25) එම අධ්‍යාපන ආයතනයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ‌ කරුණු දැක්වු ජ්‍යේෂ්ඨ මහචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා මෙසේද කීය. අපේ බෝදාගම හාමුදුරුවන්ගේ අප්‍රතිහත ධෛර්යෙන් මෙම අධ්‍යාපන ආයතනය මේ තත්ත්වයට ගෙන තිබෙන අතර, උන්වහන්සේගේ ප්‍රාර්ථනාව ඉන්දියාවේ සුප්‍රකට නාලන්දා විශ්වවිද්‍යාලයේ ආකෘතියකට මේ ආයතනය දියුණු කිරීමයි. ඒ් අනුව එහි සොබාව පදනම් කරගනිමින් බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් වගේම වර්තමාන නවීන ලෝකයට අවශ්‍ය පාඨමාලා හඳුන්වා දෙමින් අපේ දූදරුවන්ට දෙස් විදෙස් රැකියා අවස්ථා ලබාගෙන ජිවිතය ජය ගැනීමට ඉඩප්‍රස්ථාවයන් ඇති කිරීමේ පහසුකම් දැන් මෙම ආයතනය උදාකර තිබෙනවා.

අධ්‍යාපනය ලැබීමට පැමිණෙන දූදරුවන්ට සුවිශේෂී පහසුකම් මෙන්ම සොබදහමේ අසිරිය රැගත් ආයුර්වේද විශාල ඔසුඋයනක් පවා ඇති කර තිබේ. බෞද්ධ අධ්‍යාපන පීඨයේ උපාධි පාඨමාලා දෙකක්, මානව ශාස්ත්‍ර හා සමාජීයීය විද්‍යාපීඨයේ මානවවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී,(ගෞරව) උපාධි පාඨමාලාව,ව්‍යවහාරික පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදි(ගෞරව), ව්‍යවහාරික සන්නිවේදනය හා මාධ්‍ය තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රවේදී (ගෞරව), වෘත්තිකයින් සඳහා ඉංග්‍රීසි භාෂා කුසලතා පූහුණු ඩිප්ලෝමා, සහතික පත්‍ර පාඨමාලා, සංස්කෘතික පුරාවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව,චීන භාෂා ඩිප්ලෝමා පාඨමාලාව, කොරියානු භාෂා හා ජපන් භාෂා සහතික පත්‍රපාඨමාලාව, ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් යෝග, නැටුම්,සංගීත පාඨමාලා , ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ගොවිතැන පිළිබඳ එක් අවුරුදු ඩිප්ලෝමාව , සංවර්ධනය සඳහා සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව, සංචාරක හා අවස්ථා කළමනාකරණය ඩිප්ලෝමා පාඨමාලාව හඳුන්වාදී තිබේ. මීට අමතරව මෙහෙණීන් වහන්සේ සඳහා ද විශේෂ පුහුණු වැඩසටහන් සහ සිසුන් පන්සීයකට පමණ නේවාසික පහසුකම් ද ලබාදී තිබේ.

අනුර ප්‍රේමලාල්

නව අදහස දක්වන්න