DPMC Workshop Madapatha තවත් පියවරක | දිනමිණ

DPMC Workshop Madapatha තවත් පියවරක

බර වාහන රැසක් ඇති පාරිභෝගිකයන්ට තම වාහන බල ඇණියේ සියලු නඩත්තු කටයුතුවල භාරකරු ලෙස ඒ සියල්ල එකම වහලක් යටින් කාර්යක්ෂමව හා විශ්වාසයෙන් යුතුව කර දීම සඳහා DPMC Workshop Madapatha තවත් සුවිශේෂි ඉදිරි පියවරක් තැබීය.

මඩපාත බර වාහන පහසුකම විවෘත කිරීමත් සමඟ DPMC Workshop Madapatha විසින් දැනටමත් මිනි කැබ්රථ, බඩී ලොරි, බස් රථ, සිංගල් / ඩබල්කැබ්, ෆ්‍රීසර් ලොරි, ටිපර්, කන්ටේනර් ට්‍රෙලර් සහ ප්‍රයිම් මුවර් ඇතුළු වාණිජ වාහන නඩත්තු කිරීමේ වගකීම භාරගෙන ඉහළ පාරිභෝගික විශ්වාසයක් දිනා ගැනීම මේ සුවිශේෂි ඉදිරි පියවරට හේතු වී ඇත.

මේ අවශ්‍යතාව සපුරාලීමට සමාගම්වල හෝ පෞද්ගලික හිමිකරුවන්ගේ වාහන සඳහා මහා මාර්ගවල හදිසියේ වන බිඳ වැටීම් සඳහා එවලේම එම ස්ථානයට ගොස් සහාය දීමටත් DPMC Workshop Madapatha කටයුතු කරනු ලබයි. මේ පහසුකම හරහා සමාගම්වල හෝ පෞද්ගලික හිමිකරුවන්ගේ වාහන බල ඇණිය නඩත්තු, එදිනෙදා අලුත්වැඩියා, සමස්ත වාහන නඩත්තුව DPMC Workshop Madapatha විශේෂඥයන් විසින් විශ්වාසවන්තව කර දෙයි.

පවතින ආර්ථික පසුබෑමත් සමඟ සම්පත් උපරිම ලෙස භාවිත කරමින් පිරිවැය අවම කර ගැනීම තීරණාත්මක දෙයක් බවට පත්වී ඇති අතර, පවතින ආනයන සීමා හේතුවෙන් ආයතනික වශයෙන් බර වාහන භාවිත කරන සහ එදිනෙදා බස්, ලොරි, ටිපර් ඇතුළු වාහන හිමියන්ට ද තම වාහන නිසි පරිදි නඩත්තු කිරීම අතිශය වැදගත් වනු ඇත. කලට වේලාවට තම වාහන නඩත්තු කිරීම සහ ඇතිවන දෝෂ නිවැරදි කර ගැනීම හරහා අතර මඟ බිඳ වැටීම් අඩු වීම, ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වීම සහ ප්‍රවාහන ගැටලු නිසා වන වැඩ නැවැත්වීම් මෙන්ම භාණ්ඩ තොග බෙදාහැරීමේ ප්‍රමාද වැළැක්වෙන බැවින් තම සේවාදායකයාට උපරිම තෘප්තිමත් සේවාවක් දීමට හැකිවේ.

 

නව අදහස දක්වන්න