උතුරට හා නැගෙනහිරට තද වැසි | දිනමිණ

උතුරට හා නැගෙනහිරට තද වැසි

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශසහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය දෙසැම්බර් මස 06 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් (ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින්) ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට වර්ධනය වී නිරිත දිග බෙංගාල බොක්ක හරහා දෙසැම්බර් 08 වනදා වන විට තමිල්නාඩු වෙරල තීරයට ලගා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.එම පද්ධතියේ බලපෑමෙන්දෙසැම්බර් මස07 සහ 08 යන දින වලදී උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසිසහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර පළාතේ වැසි වාර කීපයක් ඇතිවේ.

සබරගමුව පළාතේත්හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නව අදහස දක්වන්න