පෞද්ගලික හැඳුනුම්කම් මත ඉඩම් දී නැහැ - ඇමැති රොෂාන් රණසිංහ | දිනමිණ

පෞද්ගලික හැඳුනුම්කම් මත ඉඩම් දී නැහැ - ඇමැති රොෂාන් රණසිංහ

තමන්ගේ අත්සනින් කිසිම කෙනකුට පෞද්ගලික හැඳුනුම්කම් මත ඉඩම් දී නොමැති බව වාරිමාර්ග ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.

අය-වැය තෙවැනි වර කියවීමේ විවාදයේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

තමන් පෞද්ගලික හැඳුනුම්කම මත ඉඩම් දුන් බවට රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය පැවසූ සියලු කරුණු තරයේ බැහැර කරනවා.ජනාධිපතිවරයා තමන්ට වගකීම බාර දීලා මන්ත්‍රීවරිය කියූ දේ පිළිගත්තේ නම් තමන් ජනාධිපතිවරයා වෙත කනගාටුව ප්‍රකාශ කරන බවත් තමන් ගැන විශ්වාසය නැත්නම් ඇමැතිකම අත්හරින්න වුවත් සූදානම් බවත් පැවසීය.

තමන් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් විමසන බවත්

ඇමැතිකම බදාගෙන ඉන්නේ නැහැ. බලේ ලැබුණම මොළේ නැහැ කියනවනේ. මට එහෙම නැහැ. මම ඇමැතිවරයා විදියට මේ රටේ ඉඩම් තිබෙන කිසිම කෙනකුට තව ඉඩමක් දෙන්නේ නැහැ. නාලක කියන කාට හරි ඉඩමක් දීල තියෙනව නම් මම එය වහාම නතර කරනවා. පොලොන්නරුවට හැම පැත්තෙන්ම ජනතාව ඇවිත් පදිංචි වෙලා තියෙනවා. එදා අපේ සීයලා, තාත්තලා ඊට විරුද්ධ වෙලා නැහැ. කුහක වෙලා නැහැ. අද මන්ත්‍රීවරිය එහෙම විරුද්ධ වුණාට. එහෙම කරන්න එපා කියලා මම මන්ත්‍රීවරියගෙන් ඉල්ලා සිටිනවා.

 

නව අදහස දක්වන්න