රටේ ආහාරවලින් හතරෙන් එකක් සතුන් විනාශ කරනවා - මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන | දිනමිණ

රටේ ආහාරවලින් හතරෙන් එකක් සතුන් විනාශ කරනවා - මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන

රටේ ආහාරවලින් හතරෙන් එකක් සතුන් විනාශ කරන බව හිටපු ජනාධිපති, මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.

අය-වැය තෙවැනිවර කියැවීමේ විවාදයේ දී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කෙළේය.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

එම විනාශය වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට මේ වන තෙක් කෘෂිකර්ම අමාත්‍යාංශය හෝ ආණ්ඩුව සමත්ව නැහැ.

සතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වාලීමට අවශ්‍ය වැඩසටහන් සකස් කිරීමට 2012 වසරේ දී දිසාපතිවරුන්ට යැවූ මුදල් වසර අවසානයේදී ආපසු එවා තිබූණා. අතගැසීමට දිසාපතිවරුන් අකමැති වුණා.

යූරියා, වල් නාශක , කෘමි නාශක නිෂ්පාදනය කළ රටක අද අක්කරයට යොදන වල් නාශක බෝතලයක මිල රුපියල් 13000 දක්වා ඉහළ ගොස් තිබුණා.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ මේ වන විට තිබෙන බීජ ප්‍රශ්නය ගැන කතා කළ යුතුයි. බීජ විශාල ජාවාරමක් වෙනවා. සියලුම වගාවන්වලට එය බලපාල තිබෙනවා. රටට සුදුසු බීජ පෞද්ගලික අංශයෙන් නොගැනීම, අනෙක් කාරණය කාලගුණික හා දේශ ගුණික තත්ත්වයන්ට ඒරොත්තු දෙන සුදුසු බීජ නොගෙන්වීමයි. අධික මිල ගණන්වලට මහා ජාවාරමක් බවට බීජ ප්‍රශ්නය ඇති වී තිබෙනවා. මේ පිළිබඳ විශේෂ සොයා බැලීමක් කරන්න.

නව අදහස දක්වන්න