පෞද්ගලික බස් රථ හිමියන් සමඟ සාකච්ඡා කර ගාස්තු සංශෝධනයට පියවර ගන්නවා - ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන | දිනමිණ

පෞද්ගලික බස් රථ හිමියන් සමඟ සාකච්ඡා කර ගාස්තු සංශෝධනයට පියවර ගන්නවා - ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

 

බස් ගාස්තුව තීරණය කිරීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව සාධක 12ක් පදනම් කර ගෙන සිදු කරන බවත්, ඩීසල් මිල අඩු වැඩි වීම එයින් සාධකයක් පමණක් බැවින් සෙසු සාධක කෙරෙහිද අවධානය යොමු කර පෞද්ගලික බස් රථ හිමියන් සමඟත් සාකච්ඡා කර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් කොමිසම තීරණයක් ගනු ඇතැයි ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති හා ප්‍රධාන කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඩීසල් මිල පහළ ගොස් ඇති නිසා බස් ගාස්තු අඩු කිරීමට යම් වැඩපිළිවෙළක් තිබේ දැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (6) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

මෙම කරුණු සැලකිල්ලට ගෙන මිල සූත්‍රයට අනුව බස් ගාස්තුව ගැළපීම කළ හැකි දැයි සොයා බැලීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත වගකීම පැවරෙන ආයතනය ජාතික ගමනාගමන කොමිෂන් සභාව බැවින් ඔවුන් එම වගකීම ඉෂ්ට කරනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.

 

සිතාරා සේනානි

නව අදහස දක්වන්න