සිරිපා සමය ඇරැඹේ | දිනමිණ

සිරිපා සමය ඇරැඹේ

2022 - 2023 ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීම නිමිත්තෙන් පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහ විහාරයේ තැන්පත් කර තිබූ සුමන සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක සහ දේවාභරණ ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පැල්මඬුල්ල රජමහ විහාරාධිපති ප්‍රධන අධිකරණ සංඝනායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමිගේ අනුශාසකත්වයෙන් ඊයේ (06) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් වැඩම කිරීම සිදු විය.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑඩුව සහ වැදි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ, සබරගමු පළාත් ප්‍රධාන ලේකම් සුනිල් ජයලත්, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීහු සමන් දේව ප්‍රතිමා වැඩම කිරීමේ අවස්ථාවට සහභාගි වූහ.

සමන් දේව ප්‍රතිමාව, සධාතුක කරඬුව සහ දේවාභරණ ශ්‍රීපාද මළුවට වැඩම කර ශ්‍රීපාද පද්මය කහ වතුරෙන් දෝවනය කර පුදපූජා පැවැත්වීමෙන් අනතුරුව අද (07) සිට පුරා මාස හයක කාලයක් 2023 වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝදා වනතුරු ශ්‍රීපාද වන්දනා සමය පැවැත්වේ.

එන්.පී. රාජදොරේ - රත්නපුර විශේෂ

නව අදහස දක්වන්න